යතුරු පැදිකරුවකුට පහර දුන් පදමට සුර් වූ තරුණ කල්ලිය – වීඩියෝව මෙන්න

35

බීමතින් පැමිණ ත්‍රී රෝද රථවලින් හා යතුරුපැදිවලින් රංගනයක යෙදෙමින් සිටියදී ඒ අසලින් ගිය යතුරු පැදිකරුවකුට පහර දී තුවාල සිදු කිරීමේ චෝදනාව මත සැකකරුවන් හතර දෙනෙකු අද (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය නගරයේ දී මේ සිදුවීම වාර්තා වූ බවයි යාපනය පොලීසිය පවසන්නේ.

අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් නගරය මැද සාදයක් පැවැත් වූ තරුණයින් පිරිසක් නගරයේ විවිධ සංදර්ශනවල යෙදෙමින් සිට තිබෙනවා.

මෙම ක්‍රියාවන්ට විරෝධය පල කළ පිරිසට බීමත් තරුණයින් විසින් පහර දෙන්නට සූදානම් වීම නිසා ඔවුන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ අතරතුර පැමිණි යතුරු පැදිකරුවකු තරුණයින්ගේ මේ ක්‍රියාව ගැන නොදැන ඒ මැදින් ධාවනය කිරීමට උත්සාහ ගෙන තිබෙනවා.

ඒ අවස්ථාවේදී තරණයින් පිරිස එම යතුරු පැදිකරුට ප්‍රහාරයක් එල්ල කොට තිබෙන බවයි පැවසෙන්නේ.

එම ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලැබූ එම පුද්ගලයා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙන බවයි පැවසෙන්නේ.

මේ අතර සම්පූර්ණ සිද්ධිය ජංගම දුරකතනයකින් වීඩියෝ කළ තවත් තරුණයින් පිරිසක් එම දර්ශන පොලීසිය වෙත ලබා දී තිබෙනවා.

පසුව එම දර්ශනවලට අනුව තරුණයින් හතර දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *