සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන ජීන් ප්‍රිම්රෝස් නතානියෙල්ස් නොහොත් ජීන් ඇන්ටිට පුද්ගලයින් දෙදෙනෙකු නිවසට පැන පහර දී තිබේ.
එම පහරදීමෙන් ඇයට සහ ඇගේ සැමියාට තුවාල සිදුව ඇති අතර, දෙදෙනාම රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
එඩේරමුල්ලේ පිහිටි ඇගේ නිවසට පැමිණ මෙම පහරදීම සිදුකර තිබේ.
වෙනත් පුවත්
ශ්‍රී ලංකා සංචාරය කමින්ස්ට අහිමි වෙයි
ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය ඔවුන්ගේ නිත්‍ය නායක පැට් කමින්ස්ට අහිමිවනු ඇති බව වාර්තා වේ.
ඒ කමින්ස්ගේ දෙවන දරුවාගේ උපත හේතුවෙන් බව සඳහන්.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වැඩබලන නායක ලෙස ස්ටීවන් ස්මිත් කටයුතු කරනු ඇති බව වාර්තා වේ.
වෝන් – මුරලි කුසලානය වෙනුවෙන් තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙම මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි 29වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
මෙම තරගාවලිය අයි. සී. සී. ටෙස්ට් ලෝක ශූරතාව යටතේ පැවැත් වේ.


















