ගසක අත්තක් කඩා වැටුණු මාතර බන්ධනාගාරයේ රැදවියන් ගැන ගත් තීරණය

41

මාතර බන්ධනාගාරයේ රැදවියන් 55 දෙනෙකු අද (02) රාත්‍රියේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට තීරණය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

මාතර බන්ධනාගාරය තුළ පිහිටි බෝ ගසක අත්තක් G හා F යන වාට්ටු දෙකට කඩාවැටී හානි සිදුවීම හේතුවෙන් එම බන්ධනාගාරයේ ඉඩකඩ සීමාවීම නිසා මෙම තීරණය ගෙන ඇත.

දැඩි ආරක්ෂාව යට⁣තේ මෙම කටයුතු සිදුවන අතර, ඉඩකඩ සීමාවීම හේතුවෙන් සිය කැමැත්තෙන් මාතර බන්ධනාගාරයෙන් ඉවත්වීමට කැමති රැදවියන් මෙලෙස ඉවත් කිරිමට පියවරගෙන ඇත.

ඊයේ (01) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් එක් අයෙකු මියගිය අතර, තුවාල ලැබූ 11 දෙනෙකු මාතර මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

ඉන් 7 දෙනෙකු යළි බන්ධනාගාරය වෙත රැගෙන ඇවිත් ඇත.

තවත් තිදෙනෙකු සාමාන්‍ය වාට්ටුවල සිටින අතර, එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *