BREAKING NEWS
Search

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන තීරණයක්

44

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවය.

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට  එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.

වර්තමානයේ පාසල්වල උසස් පෙළ පන්ති කාමර තුළ දරුවන්‍ රැඳී සිටින්නේ ඉතා අඩුවෙන් බවද අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කළාය.

විශේෂයෙන් පිරිමි දරුවන් අධ්‍යාපන කටයුතුවලින් බොහෝදුරට ඈත්වෙමින් සිටින බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කරයි.

කුමන සමාජ, ආර්ථික හේතුවක් පදනම් කරගෙන හෝ දරුවන්ට අධ්‍යාපනය මගහැරීමට ඉඩ නොදිය යුතු අතර පූර්ව ළමාවිය සංවර්ධනයේ සිට 13 වසරක පාසල් අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා ඉඩ ප්‍රස්ථා සෑම දරුවෙකුටම විවර වී තිබිය යුතු බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *