BREAKING NEWS
Search

බස් ගාස්තුව ගැන ගැමුණුගෙන් අනතුරු ඇඟවීමක්

46

ජූලි මාසය වන විට බස් ගාස්තු අනිවාර්යෙන්ම අසීමිත ලෙස වැඩි වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කරනවා.

ඔහු සඳහන් කරන්නේ, ඉන්ධන මිල පහළ දමන්නේ නම් එම සහනය ජනතාවට ලබා දෙන බවත් එසේ ජනතාවට සහන ලබා දීමට නම් ඉන්ධන මිල පමණක් නොව අමතර කොටස් සහ භාණ්ඩ පිරිවැයත් පහල දැමීම සිදු කළ යුතු බවයි.

එමෙන්ම සාමාන්‍ය බස් රථයක් එක්කෝටි හැත්තැ ලක්ෂයක් දක්වා මිල වැඩි වීමක් සිදු වී ඇති බවත් එයට සාපේක්ෂව අනිත් පිරිවැයන් ද ඉහළ ගොස් ඇති අතර ජූලි මාසය වන විට එය ගණනය කිරීමට සිදුවන බැවින් මෙසේ බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඔහු මේ බව පැවසුවේ අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

” අවුරුද්දේ මැද අනිවාර්යෙන්ම බස් ගාස්තු සංශෝධනය කරන්න සිද්ධ වෙනවා.. මොකද බස් රථයේ මිල අධික වෙලා තියෙන නිසා.. අපි බලාපොරොත්තු වුණා ඉන්ධන මිල අඩු කරයි කියලා..

හැබැයි විශේසයෙන්ම තිස් ගාණකින්වත් අඩු කරන්න ඕනේ.. අපි දැන් පාඩුවට ධාවනය කරන්නේ.. ලොකු මුදලකින් අඩු කළොත් අපි ඒ ප්‍රතිලාභය ජනතාවට දෙන්න කටයුතු කරනවා.. 4%ක ප්‍රතිශතයට ආවොත් අපි සම්පූර්ණයෙන්ම අඩු කරන්න කටයුතු කරනවා.. හැබැයි ඒක සිහිනයක් වෙයි..”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *