BREAKING NEWS
Search

අනියම් සැමියාගේ පහරින් සැමියාට අත්වූ ඛේදනීය ඉරණම

44

අනියම් සබඳතාවක් හේතුවෙන් අතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් ඇති වු ගැටුමකදී අද (01) පුද්ගලයෙකු මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් තිබෙන්නේ බලන්ගොඩ, මස්සැන්න, උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි (54) හැවිරිදි පුද්ගලයෙක්.

මරණකරුගේ බිරිය සමග අනියම් සබඳතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සැමියා නොමැති අවස්ථාවලදී නිවසට පැමිණ යන බව පැවසෙනවා.

මේ අයුරින් අද (01) දහවල් නිවසට පැමිණ ආපසු යමින් සිටි අනියම් සැමියා මරණකරු විසින් දැක තිබෙනවා.

එහිදී ගෙහිමියා සහ බිරියගේ අනියම් සැමියා අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා.

මේ අතර සැමියා විසින් අනියම් සැමියා බව කියන පුද්ගයාට පහර දීමට උත්සාහ කර තිබෙන බවත් එහිදී සැමියා බිම ඇද වැටි මියගොස් තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

එහි පැමිණි රත්නපුර අපරාධ ස්ථාන පරික්ෂණ අංශය නිළධාරිහු ස්ථානිය පරික්ෂණ සිදුකළ අතර බලන්ගොඩ මහේස්ත්‍රාත් භාග්‍ය දිල්රැක්ෂි වික්‍රමසිංහ විසින් මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකළා.

සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණක් සිදු කරන්නටත් අධිකරණයට එහි වාර්තාවක් ලබාදෙන ලෙසත් නියෝග කෙරුණා.

සැකකරු අත්අඩංගුවට ගත් බවයි බලන්ගොඩ පොලිසිය පවසන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *