BREAKING NEWS
Search

අලුත් අවුරුදු උදාවත් සමගම තරුණයෙක් තම මව සහ සහෝදරියන් සිව්දෙනාට සිදු කල දරුණු අපරාධය

48

ඉන්දියාවේ ලක්නව්හි පිහිටි හෝටලයකදී අලුත් අවුරුදු උදාවත් සමගම තරුණයෙකු විසින් සිය මව සහ සහෝදරියන් සිව්දෙනා ඝාතනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

24 හැවිරිදි අර්ෂාඩ් නැමැති මෙම සැකකරු අග්‍රාහි උපන් අයෙක්වන අතර, මේ වනවිට ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සිදුකළ මූලික විමර්ශනයේදී එම පුද්ගලයා හෙළි කර ඇත්තේ, පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකළ බවයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, ඔහුගේ මව සහ අල්ෂියා (19), රහ්මීන් (18), අක්සා (16), ආලියා (9) යන සහෝදරියන් සිව්දෙනායි.

අපරාධය සිදුවූ ස්ථානයේ අධිකරණ වෛද්‍ය කණ්ඩායම් යොදවා සාක්ෂි රැස් කර ඇති අතර, මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *