BREAKING NEWS
Search

තිදෙනෙකුට මරු කැදවූ කේක් ගෙඩිය

63

බ්‍රසීලයේ එකම පවුලේ තිදෙනකු නිවසේ තැනූ නත්තල් කේක් ගෙඩියක් විෂ වීමෙන් මියගොස් ඇති අතර එම කේක් ගෙඩිය තැනූ තැනැත්තිය ඇතුළු දෙදෙනකු රෝගාතුරව රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

බ්‍රසීලයේ රියෝග්‍රන්ඩේ ප්‍රාන්තයට අයත් ටොරෙස් නගරයේ පදිංචි එකම පවුලේ කාන්තාවන් තිදෙනකු මෙසේ නත්තල් කේක් අනුභව කිරීමෙන් පසු මියගොස් ඇත. එම කේක් ගෙඩිය නිර්මාණය කළ කාන්තාව හා 10 හැවිරිදි දරුවෙක් එම කේක් අනුභව කිරීමෙන් පසු රෝගාතුරව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

මෙම නත්තල් කේක් ගෙඩියේ ආසනික් විෂ අඩංගුව තිබූ බව හෙළි වී තිබෙන අතර නිවසේ තැනූ කේක් ගෙඩියට ආසනික් විෂ පැමිණියේ කෙසේද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි. පොලිසිය විසින් කේක් ගෙඩිය තැනූ තැනැත්තියගේ නිවස පරීක්ෂා කළ විටදී එහි තිබූ කල් ඉකුත්වූ නිෂ්පාදනයන් රැසක් සොයා ගෙන තිබේ. නත්තල් කේක් විෂ වී මියගිය කාන්තාවන් තිදෙනාගේ රුධිරයෙහි තිබී ආසනික් විෂ සොයාගෙන ඇති බව වාර්තා වේ. මතභේදයට තුඩු දී තිබෙන විෂ නත්තල් කේක් ගෙඩිය තැනූ කාන්තාවගේ සැමියා ඉකුත් සැප්තැම්බර් මාසයේ ආහාර විෂ වීමෙන් මිය ගොස් ඇති බව බ්‍රසීල පොලිසිය පවසයි.

ඒමන්ති මාරඹේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *