ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (31) පාර්ලිමේන්තුවේදී පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීයි.
එහිදී 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය පළමුවර කියවීම සඳහා 2025 ජනවාරි 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදි තීරණය වී තිබෙනවා.
තවද, අයවැය දෙවනවර කියවීම පෙබරවාරි 17 වැනිදා සිදුකිරීමට නියමිත බවයි පාර්ලිමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
අනතුරුව, දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7 ක් පැවැත්වීමට නියමිත අතර, පෙබරවාරි 25 ප.ව 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම, 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතයි.
ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා ප.ව 6.00ට පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.




















