BREAKING NEWS
Search

youtube හැර අනෙක් සමාජ මාධ්‍ය ගිණුම් පොලිස් පාලනයට ගනී

39

ශ්‍රී ලංකා පොලීසියේ youtube චැනලය ඇතුළු නිල සමාජ මාධ්‍ය ගිණුම් කිහිපයක් සයිබර් ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධව පවතින අලුත්ම තත්ත්වය පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා පොලීසියේ නිල facebook, TikTok, instagram, youtube සහ x යන ගිණුම් 2024.12.30 වන දින සවස් කාලයේ සිට සයිබර් ප්‍රහාරයකට ලක්විය.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ මේ වනවිට නිල facebook, TikTok, instagram, x  යන ගිණුම් නැවත ශ්‍රී ලංකා පොලීසියේ පාලනය යටතට ගෙන ඇති බවය.

පොලිස් youtube නාලිකාව මෙතෙක් ශ්‍රී ලංකා පොලීසියේ පාලනයට නතුවී නොමැත.

එය යථාතත්ත්වයට පත් කරගැනීම සඳහා තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් කටයුතු කරමින් සිටි.

මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ද ආරම්භ කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *