BREAKING NEWS
Search

නව වසර උදාවූ පළමු රට 2025 පිළිගත් හැටි…

41
2025 වසර පිළිගත් පළමු රට බවට මධ්‍යම පැසිෆික් සාගරයේ පිහිටා ඇති ක්‍රිස්මස් දූපත ලෙසින් ද හැඳින්වෙන කිරිබාටි දූපත පත් වුණා.
ඒ මෙරට වේලාවෙන් පස්වරු 3:30ට ආසන්න වේලාවක දී යි.

කිරිබාටි දූපතෙහි වේලාව ඉන්දියාවට වඩා පැය 8.5ක් ඉදිරියෙන් සහ ග්‍රීන්විච් වේලාවට වඩා පැය 14ක් ඉදිරියෙන් ගමන් කරනවා.

කිරිබාටි දූපත නව වසර පිළි ගැනීමෙන් මිනිත්තු 15කට පසුව නවසීලන්තයේ චැතම් දූපත් සමූහය නව වසර පිළිගනු ලැබුවා.

ඉන් අනතුරුව මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ෆීජි දූපතේ කොටසක්, පස්වරු 6.30ට ඔස්ට්‍රෙලියාවේ මුෂ්, පස්වරු 8.30ට ජපානය හා දකුණු කොරියාවට, පස්වරු 9.30ට චීනය, මැලේසියාව, සිංගප්පූරුව, හොංකොං හා පිලිපීනයටත් නව වසර උදා වීමට නියමිතයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *