BREAKING NEWS
Search

කොස්සක් සමග කතක් අත්අඩංගුවට

34

ප්ලාස්ටික් කොස්සක සඟවා රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට රැගෙන යාමට තැත්කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර උතුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකාරිය පානදුර, අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක්.

හෙරොයින්, අයිස්, හෂිස් සහ ඈෂ් මත්ද්‍රව්‍ය මෙලෙස ප්ලාස්ටික් කොස්සක සඟවා බන්ධනාගාරය තුළට යැවීමටයි ඇය උත්සාහ ගෙන තිබෙන්නේ.

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සිය සැමියාට මේවා ලබා දීමට ඇය උත්සාහ ගෙන තිබෙනවා.

ඒ වෙනුවෙන් සිය සැමියා බැලීම සඳහා සැකකාරිය ඊයේ දිනයේ ආහාර පාන රැගෙන විත් ඒවා භාරදී තිබෙනවා.

මේ අතර සිර මැදිරිය ඇතුගෑම සඳහා බව පවසමින් ඇය ප්ලාස්ටික් කොස්සක් ගෙනවිත් දී ඇති බවයි වාර්තා වන්නේ.

එම කොස්ස පිළිබඳව වූ සැකය මත බන්ධනාගාර නිලධාරීන් පරීක්ෂා කිරීමේ දී සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළදී අධික මිලකට විකිණීම සඳහා ලබාදීමට රැගෙන විත් ඇති බව අනාවරණය වූ බවයි පැවසෙන්නේ.

එහිදී සැකකාර කාන්තාව මත්ද්‍රව්‍ය සමඟ කළුතර උතුර පොලිසියට භාර දී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *