BREAKING NEWS
Search

18 හැවිරිදි පෙම්වතියට බියර් පොවා අමුතු ජායාරූප ගෙන යාළුවා සමග කල අපරාධය

46

සිය පෙම්වතිය ලැගුම්හලකට රැගෙන ගොස් බීර පානය කිරීමට සලස්වා නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා වට්ස්ඇප් ඔස්සේ හුවමාරු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ මාතර – ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියක් වන අතර, 21 හැවිරිදි සැකකරු ද එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

අදාළ තරුණිය සැකකරු සමග කලක් තිස්සේ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එය නතර කර දැමීමට ඔවුන් පසුව පියවර ගෙන ඇත්තේ දෙදෙනාගේම කැමැත්ත මතයි.

කෙසේ වෙතත් ප්‍රේම සබඳතාව නතර කළ ද ඔවුන් දුරකථනය ඔස්සේ නිතර කතා බහ කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එවන් පසුබිමකයි සැකකරු යළි සිය පෙම්වතිය මුණ ගැසීමට අවශ්‍ය බව පවසා ඇය හමුවීමට පසුගිය 26 වැනිදා මිතුරෙකුගේ ත්‍රිරෝද රථයකින් පැමිණ ඇත්තේ.

අනතුරුව ඔවුන් ඌරුබොක්ක – දම්පහල ප්‍රදේශයේ ලැගුම්හලකට ගොස් එහි කාමරයක් කුලියට ගෙන තිබෙනවා.

එහිදී තරුණයා විසින් තරුණියට බීර පානය කිරීමට සලස්වා මත් කිරීමෙන් පසු නිරුවත් කර ඡායාරූප ලබාගෙන තිබුණාඅනතුරුව අදාළ තරුණයා එම ඡායාරූප ඔහුගේ මිතුරෙකුටද යොමුකර ඇති බවයි පොලිසිය සදහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *