BREAKING NEWS
Search

මවගේ අනියම් පෙමට බිලි වූ දියණිය ගැන ඇසෙන හද කම්පා කරවන කතාව

53

ඇයට අත්වුණේ කිසිවෙකුත් නොසිතූ ඉරණමක්.. ඇත්තටම තමගේ  අම්මා නිසා මේ මරණයේ කොණක සිටීමත් එක් පැත්තකින් ඛේදවාචකයක්..

මේ කියන්න යන්නේ අන්න ඒ සිදුවීම ගැන ඇසෙන සංවේදී කතාවයි..

තම අනියම් බිරිය තවකෙකු හා සබඳතාවක් පවත්වා ගෙන යන බවට සැකයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිගගොස් අනියම් බිරියට සහ ඇයගේ දරු දෙදෙනාට වක් පිහියකින් පහරදීමෙන් 13 හැවිරිදි බාල දියණිය රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පිළියන්දල පොලීසිය පවසනවා…

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පිළියන්දල බෝකුන්දර තාවකාලිකව පදිංචිව සිටි බී. එම්. ඔෂාදී කෞශල්‍යා දැරියයි..

එම සිද්ධියෙන් අනතුරුව සැකකාර පුද්ගලයා නි‍වසේ කාමරයක බාල්කයක එල්ලී සියදිවි නසාගැනීමට උත්සාහ දරා එය නිෂ්ඵල වීමෙන් අනතුරුව පොලීසියට බාර වන බවට නිවෙසේ හිමිකරුවන්ට පවසා නි‍වසින් පිටවී ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා..

පලාගිය සැකකරුගේ වක් පිහි ප්‍රහාරයට ලක් වූ මියගිය දැරියගේ මවගේ වම් අතේ වැලමිට අසල, වම් උරහිස හා වම් කනට ඉහළ හිස තුවාල සිදුවී ඇති අතර වැඩිමහල් දියණියගේ වම් අතේ පිටිඅල්ල කැපී තුවාල සිදුවී ඇතැයි පොලීසිය පවසනවා…

මියගිය දැරියගේ මවගේ සහෝදරයා මහරගම ප්‍රදේශයේ කුලී නිවසක සිට රථවාහන අලුත්වැඩියා කටයුතු සිදු කරන අතර ඔහුට ඉකුත් (26) දහවල් 1.30ට පමණ තුවාල ලද එම දැරියගෙන් දුරකතන ඇමතුමක් ලැබී ඇත්තේ “මාමේ ඉක්මනට ගෙදර එන්න” යනුවෙන් යැයි පොලීසිය පවසනවා..

ඒ අනුව ඔහු බෝකුන්දර නිවස වෙත පැමිණ ඇති අතර කුලී නි‍වසේ හිමිකරුවන්ගෙන් දැන ගැනීමට ලැබී ඇත්තේ තුවාල ලැබූ තිදෙනාව සැකකාර අනියම් සැමියා සේවය කරන පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවකයකු පැමිණ ත්‍රිරෝද රථයකින් වේරහැර හමුදා රෝහලට රැගෙන ගිය බවයි…

සිද්ධියෙන් අනතුරුව පලා ගොස් සිටින සැකකරු ඉකුත් 26 දින උදෑසන සේවයට ගොස් ඇති අතර තුවාල ලද කාන්තාවට සේවයට යාමට නියමිතව තිබුණේ එදින සවස් යාමයේ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, සැකකරු අනියම් බිරිය සහ දරු දෙදෙනා සමඟ එකම නි‍වසක වාසය කරන අතර ඔහු රැකියාව කරන ආයතනයේ සිට දහවල් ආහාරය සඳහා පැමිණි අවස්ථාවේදී එම ආයතනයේ සේවය කරන සේවකයකු සමඟ තුවාල ලද කාන්තාව අනියම් සබඳතාවක් පවත්වාගෙන යන බවට සැකයෙන් නි‍වසේ කාමරයක් තුළදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව වක් පිහිය රැගෙන මවට පහර දෙද්දී එයට මැදිහත්ව දැරිය සැකකරුට බැණ වැදී ඇති අතර එම අවස්ථාවේදී සැකකරු මියගිය දැරියට හා වැඩිමහල් දැරියට ද වක් පිහියෙන් පහර දී ඇතැයි පොලීසිය පවසනවා…

සැකකරු වක් පිහියෙන් ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී දරු දෙදෙනා සහ කාන්තාව නි‍ෙවසේ කාමරයේ ඇඳ මත සිට ඇති අතර ඇඳ ඇතිරිල්ල රුධිරයෙන් තෙත්වී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

අනතුරුව සැකකරු රෙදි වැනීමට යොදාගන්නා ලණු පොටවල් රැගෙන යාබද කාමරයට ගොස් බාල්කයේ ලණුව ගැට ගසා සියදිවි නසාගැනීමට උත්සාහ දැරීමේ දී ලණුව කඩා වැටී ඇද මතට වැටීමෙන් අනතුරුව එම අදහස අත්හැර දමා පහළ මහලේ පදිංචිව සිටින නිවැසියන්ට පොලීසියට භාරවීමට යන පවසා නිවසින් පිටවී පලා ගොස් තිබූ බව පොලීසිය පවසනවා..

එලෙස පලා ගිය සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඔහු කලකට පෙර මහඔය ප්‍රදේශයේ ඝාතන සිද්ධියක ප්‍රධාන සැකකරු බවට ද අනාවරණය වූ බව පොලීසිය පවසනවා..

දිණමිණ පුවත්පත ඇසුරෙන්…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *