මාලිමා මන්ත්‍රී අකරතැබ්බයක..පිරිසක් වට කරන් සිදුකළ දේ

46

බිංගිරිය ප්‍රදේශයේදී ,ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාට විරෝධතාවක් එල්ල වී තිබේ.

ඒ එම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ප්‍රවාහන සේවා කොන්ත්‍රාත්තුවක් ලබාගැනීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු හා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදීය.

වාර්තා වන්නේ, කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හලක සේවකයින්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයන්නේ කම්හල අවට සිටින පිරිස විසින් බවයි.

ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා අද(30) එම කම්හල පිහිටි ස්ථානයට පැමිණියේ එහි සේවකයින්ට අවශ්‍ය ප්‍රවාහන සේවා ලබාදීමට හැකි වෙනත් පාර්ශ්වයක් පිළිබඳ සාකච්ඡා කිරීමට බවයි වාර්තා වන්නේ.

තවත් පුද්ගලයෙකු සමඟ පැමිණි විජේසිරි බස්නායක මහතාට දැනට ප්‍රවාහන පහසුම් සපයන පිරිසගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *