BREAKING NEWS
Search

පොහොර සහනාධාරය දෙනතුරු හිටපු මන්ත්‍රී වහළය උඩ

39

පොහොර සහනාධාරය ලබාදෙන ලෙස ඉල්ලමින් මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය සභාවේ එජාපයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි ආර්.අනුර බණ්ඩාර මහතා අමුඩයකින් සැරසි විලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි බස් නැවතුම් පලේ වහලය මත නැගි අද (30)දින විරෝධතාවයක නිරතවිය.

පසුගියදා පැවති කන්න රැස්විමේදි පොහොර සහනාධාරය ලබාදෙන බවට පැවසිම නිසා ජනතාව වී වගාව ආරම්භ කළද මෙතෙක් පොරොන්දු පරිදි පොහොර සහනාධාරය ලැබි නොමැති බවත් අනුර බණ්ඩාර මහතා පැවසිය.

පොහොර සහනාධාරය ලබාදෙනතුරැ තමන් මෙම විරෝධතාවයේ නිරතවන බවද හෙතෙම පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *