BREAKING NEWS
Search

මැතිසබේ ලොක්කෙක් අද සීඅයිඩියට

39

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ  අධිකරණ අමාත්‍ය  නීතිඥ  හර්ෂණ  නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට  ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් එම   වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමේ කටයුතු කරන සභා ලේඛන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ  ප්‍රසන්න කුමාරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  අද(30) කැඳවා ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීමට නියමිතය.

ඉන් අනතුරුව සභා නායකකාරියාලයේ සහ ආණ්ඩු පක්ෂ පක්ෂයේ  ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ප්‍රධානීන්ගෙන්ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ  නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවිය.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තමාගේ නම ඉදිරියෙන් එලෙස ආචාර පදවියක් සඳහන් කිරීමෙන් අපහාසයක් සිදු වූ බව පවසමින් සුදර්ශන නානායක්කාර මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා පැමිණිල්ලක් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *