ලොරි රථයකට යට වූ අවුරුද්යිදයි මාස 10ක කුඩා දැරිය

167

ලොරි රථයක පිටුපස රෝදයට යටවීමෙන් අවුරුදු 01යි මාස 10ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (29) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව තිබුණේ හසලක පොලිස් වසමේ ඇටබගොල්ල ප්‍රදේශයේදීය.

මව හා පියා මෙම දැරියද සමඟ තම ඥාති නිවසකට ගොස් සිටියදී, නිවසෙහි තිබූ ලොරි රථයක් පණ ගන්වා ඉදිරියට ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අදාළ අනතුර හේතුවෙන් බරපතළ තුවාල ලැබූ කුඩා දැරිය මහියංගණය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණි.

අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *