එම සේවකයින් දෙදෙනා ජල පවිත්‍රාගාරයේ දැලෙහි රැඳී තිබූ බැරලයක් ඉවත් කිරීමට යාමේදී එක් තරුණයකු ගඟට වැටී ඇති බවත්, එලෙස ගඟට වැටුණු තරුණයා බේරා ගැනීමට අනෙක් තරුණයාද ගඟට පැන ඇති බවද, එහිදී ඔවුන් දෙදෙනාම ජල පහර හසු වන්නට ඇති බවටයි කන්දෙනුවර පොලිසිය සැක කරනු ලබන්නේ.
අතුරුදන්ව ඇති අනෙකුත් තරුණයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර, පසුව ඔහුගේද දේහය සොයා ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මාතලේ, කිවුල ප්‍රදේශයේ පදිංචි මීගහගේදොන් චානක මදුසංඛ නමැති තරුණයා සහ මාතලේ, කළුදෑවල ප්‍රදේශයේ පදිංචි මේනක මධුසංක අබේසිංහ යන අයයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කෙරෙන බවයි පොලිසිය සඳහන් කළේ.




















