ජපානය මෙන්ම ඉන්දියාවේ ද මෝටර් රථ වෙළඳපොළ සවිමත් කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ අයෙකු ලෙසයි ඔසාමු සුසුකි සැලකෙන්නේ.
ඔහු මිය යන විට 94 හැවිරිදි වියේ පසු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අඩු වියදමකින් වාහනයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය අනුව ජපානයටම විශේෂිත වූ මිල අඩු 660-cc මෝටර් රථ නිෂ්පාදනයට ඔහු ගත් පියවර කා අතරත් ප්‍රසිද්ධ වී තිබෙනවා.



















