BREAKING NEWS
Search

පිටු 24ක ලිපියක් හා විනාඩි 81ක වීඩියෝවක් ප්‍රසිද්ධ කර දිවි නහ ගත් තරුණයා

1052

දෑවැදි ප්‍රශ්නයක් නිසා සියදිවි නසාගත් බැංගලෝරයේ අතුල් සුභාෂ්ගේ මරණයෙන් පසු පිරිමි අයිතිවාසිකම් ගැන ඉන්දියාවේ කතිකාවක් නිර්මාණය වී ඇත.

සිය බිරිඳ, ඇගේ මව හා සොහොයුරාගෙන් එල්ල වූ පීඩනය, හිරිහැර ඉවසා දරාගැනීමට නොහැකිව මෙම මෘදුකාංග ඉංජිනේරුවා සියදිවි නසාගෙන තිබේ. ඔහු සිය මරණයට හේතු දක්වමින් පිටු 24ක ලිපියක් හා විනාඩි 81ක වීඩියෝවක් ද ප්‍රසිද්ධ කර තිබේ.

සිය අවුල් සහගත විවාහ දිවිය සහ දික්කසාද නීතිය ගැනත් මෙහි සඳහන්ව ඇත.

සුභාෂ්ගේ මරණයෙන් පසු පිරිමි අයිතීන් පිළිබඳ සංවිධාන උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වා ඇති අතර ඔහුගේ බිරිඳ ඇතුළු කිහිපදෙනකු බන්ධනාගාර ගතකර තිබේ.

මේ දෙදෙනා විවාහ වී ඇත්තේ 2019දී වුවත් ජීවත්ව ඇත්තේ වෙනමය.

බිරිඳගේ පවුලේ උදවිය සුභාෂ්ට එරෙහිව නඩු පවරා තිබූ අතර ඒවා ඉවත් කිරීමට මිලියන 30ක මුදලක් ඉල්ලා තිබේ. මේ අර්බුද නිසා ඔහු සියදිවි නසාගෙන ඇත.

මේ නිසා කාන්තාවන්ට වඩාත් ආරක්ෂාවක් සැලසෙන දෑවැදි නීතිය ගැන පුළුල් විවේචනයක්ද එල්ල වෙමින් පවතී.

චතුර පමුණුව




Leave a Reply

Your email address will not be published. Required fields are marked *