පසුගිය දා විදේශ ශිෂ්‍යත්වයක් ලැබ එහි යාමට සූදානම් වු ඔහුගේ නිවෙසට ඥාතීන් එක් රොක්වුයේ සුඛ පැනීමට ය.
ඒ පිරිස අතර කුඩා කාලයේ සිටම තම ඉගෙනුමට හරස් වෙමින් ඉරිසියා කළ නැන්දා කෙනෙක් ද විය.
මෙහිදී බොරු හිතවත්කම් පෙන්වූ ඇය ” පුතා අවුරුද්දකට හරි ගෙදරින් ගියාම අපට තමා පාඩුව. අනේ පුතේ, මම කියන්නමයි හිටියේ. මට වද දෙන කොන්දෙ අමාරුවක් තියෙනව බේත් ඩිංගක් ලියල දෙන්න කෝ” කීවාය.
කොන්ද පරීක්ෂා කළ මේ වෛද්‍ය බෑනා ඇයට බෙහෙතක් ලියා දී “මේක මගේ ඩිස්පැන්සරියෙන්ම ගන්න “ කියමින් එහි මුදලක්ද සටහන් කොට දුන්විට ඇයට තරු පෙනුණා ලූ.




















