BREAKING NEWS
Search

හපුතලේ බිංගෙයකදී දුම්රියේ ගැටී අයෙක් මරුට

507

බදුල්ල සිට  නුවර බලා අද (27) සවස ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන  දුම්රියට දියතලාව හපුතලේ අතර  තිස් අටවෙනි බිංගෙය  තුළදී දුම්රියට යට වී  හතළිස් හතර හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි දියතලාව පොලිසිය කියයි.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කේ පී අමල් ඉශාන්ත 44 නමැති  දියතලාව කහගොල්ල  පදිංචි වී සිටි  පුද්ගලයෙකි.

දුම්රිය පැමිණෙන අවස්ථාවේදී  මොහු මෙම බිංගේ තුළ සිටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ සිද්ධියෙන්පසු  කොළඹ බදුල්ල දුම්රියන්  පැය දෙකකට අධික කාලයක් ප්‍රමාද වී ධාවනය වුණු බවද පොලිසිය කියයි.

දියතලාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *