BREAKING NEWS
Search

බිත්තර මිල අඩු වීමත් සමඟ කෙටි ආහාර ගැන ගත් තීරණය

265
මේ වන විට වෙළදපොළේ බිත්තර මිල පහළ අගයක පැවැතුණත් බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදන වල මිල ගණන් තවදුරටත් ඉහළ අගයක පවතිනවා

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ බේකරි නිෂ්පාදන පහළ දැමීමට නම් පාන්පිටි සහ මාගරින් මිළද අඩු කළ යුතු බවයි.

පසුගිය කාලයේ බිත්තර සම්බන්ධයෙන් වැඩි කතා බහක් නිර්මාණය වූයේ බිත්තර මිල අධික ලෙස ඉහළ යාමත් සමගයි.

ගෙවුණු කාළ සීමාවේ වෙළඳපොළේ බිත්තරයක මිල රුපියල් 60ත් – 70ත් වැනි ඉහළ අගයක පැවැති අතර ඒ අනුව ඉන්දියාවෙන් බිත්තර මෙරටට ගෙන්වීමටද සිදු වුණා.

කෙසේ වෙතත් මේ වෙන විට බිත්තරයක මිල රුපියල් 25ත් – 30ත් අතර සීමාවේ පවතිනවා.

නමුත් තවමත් බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල අඩු වී නැහැ.

කෙසේ වෙතත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ බිත්තර මිල අඩු වූ පමණින් බේකරි නිෂ්පාදන මිල අඩු කළ නොහැකි බවයි.

ඔවුන් පවසන්නේ බේකරි නිෂ්පාදන පහළ දැමීමට නම් පාන්පිටි සහ මාගරින් මිලද අඩු විය යුතු බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *