BREAKING NEWS
Search

දක්ෂිණ අධිවේගයේ අනතුරක් – තුවාල ලැබූ රියදුරු කී පුදුම හිතෙන කතාව

2319

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් කහතුඩුව පිවිසුම අසලදී ආරක්ෂිත වැටේ ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පසු ලොරි රථය අඩි 30ක පමණ බෑවුමකට පෙරළී ගොස් ඇත.

ලොරි රථය බෑවුමට පෙරළීයාමේදී එහි කිලෝ 50ක බරින් යුත් ඩොලමයිට් කොට්ට 600ක් තිබූ බවත් ලොරි රථය වට 03ක් පෙරළී ගොස් ඇති බවත් සිදුකළ විමර්ශණවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි.

අනතුරින් ලොරි රථයේ රියදුරු සුළු තුවාල ලබා තිබේ.

මාතලේ ප්‍රදේශයේ සිට ඇල්පිටිය දක්වා මෙම ඩොලමයිට් තොගය ප්‍රවාහනය කරමින් තිබූ බවද අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

අනතුර සම්බන්ධව ලොරි රථ රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි ඔහු පවසා ඇත්තේ තමන් දින තුනකින් නිසි නින්දක් නොලබූ අයෙකු බවය.

සිද්ධිය සම්බන්ධව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *