BREAKING NEWS
Search

හිටපු ජනපතිවරයෙක් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහලට

3394

78 හැවිරිදි හිටපු අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල්ගත කර තිබෙනවා.

ඒ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් බවයි ක්ලින්ටන් මහතාගේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් BBC පුවත් සේවය පවසන්නේ.

අමෙරිකාවේ වොෂිංටන් හි පිහිටි රෝහලකට ඇතුලත් කර ඇති හිටපු ජනපතිවරයා, මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් සඳහන්.

ඔහු 2021 වසරේත් මේ ආකාරයට රෝහල්ගතව ප්‍රතිකාරගෙන තිබෙනවා.

අමෙරිකාවේ 42වන ජනපති ලෙස පත්වු බිල් ක්ලින්ටන් 1993 සිට 2001 දක්වා ධවල මන්දිරයේ සේවය කළා

වෙනත් පුවත්

තායිලන්තයෙන් ගෙන ආ රු කෝටි 4ක කුෂ්

රුපියල් හාර කෝටි තිස් අට ලක්ෂ අසූ දහසක් පමණ වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු, ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී ය.

එම පුද්ගලයා මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරුයෙක් බව සඳහන් ය.

ඔහු අද (24) දහවල් තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එම පුද්ගලයා රැගෙන විත් තිබූ ගමන් මල්ල තුළ “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ 04 යි ග්‍රෑම් 388ක් පාර්සල් 05 ක් ලෙස සකස් කර සඟවා ගෙන පැමිණ සිටියදී ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.

අදාළ පුද්ගලයා සහ ඔහු විසින් රැගෙන විත් තිබූ “කුෂ්” මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *