පසුගිය කාලසීමාව තුළ රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩ හා සේවාවල මිල විශාල වශයෙන් වැඩිවීම ජනතාවගේ ජීවන විට ම ඉහළ යාම ප්‍රධාන වශයෙන් බලපෑ අතර විශ්ව විද්‍යාල සිසුන්ගේ මාසික වියදම වියදම ද මේ අනුවම වැඩි වී ඇති බවයි ඔවුන් පවසන්නේ.
තත්ත්වය එසේ වුවද විශ්වවිද්‍යාල සිසුන්ට ලැබෙන සොච්චම් මුදල 10කින් වැඩිවී නොමැති බවයි ඔවුන් චෝදනාා කරන්නේ.
එමෙන්ම 2015 සිට තවමත් මහපොළ වාරිකයේ රුපියල් 5000 ක් ලෙසත් ශිෂ්‍යාධාර වාරයක රුපියල් 4000ක් ලෙසත් වැඩි නොවී පවතිනවා…
ශිෂ්‍යයකගේ මාසික වියදම රුපියල් 25000ක් පමණ අගයක් දක්වා වැඩි වුවද දෙමව්පියන්ට තවත් අමතර යම් මුදලක් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන තම දුවට හෝ පුතාට ලබාදිය නොහැකි බැවින් මෙම ඉල්ලීම රජයෙන් සිදුකිරීමට කටයුතු කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරනවා.


















