BREAKING NEWS
Search

රියදුරු දොරටුවේ අගුල ක්‍රියා විරහිතයි… ආරක්ෂිත බද පටිය නැහැ, ආසන ප්‍රමිතියකට සවි කර නැහැ හැටන් බස් අනතුරේ තවත් තොරතුරු එළියට…

304
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබියදි අනතුරට පත් පෞද්ගලික බස් රථය නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක දමින්ද සේනානායක විසින් අද (23) දින පරික්ෂාවට ලක් කළා.
මෙම පරික්ෂාවේදි ධාවනය වෙමින් තිබු බස් රථයේ රියදුරු දොරටුව විවෘත වි ඇත්තේ කාලයක් තිස්සේ එම දොරේ අගුල ක්‍රියාවිරහිත තිබිම නිසා බවත්, එම දොර තාවකාලිකව වසා දැමිමට ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බවට මෝටර් රථ පරික්ෂකවරයා තහවුරු කරගෙන ඇති බව සඳහන්.

තවද රියදුරුගේ ආරක්ෂිත බද පටිය නොමැති බවත්, බස් රථය තුල අනතුරු සිදුවිය හැකි සුදු යකඩ උපාංග රැසක් සවි කර තිබිම නිසා මගින් තිදෙනෙකු මියගොස් මගින් විශාල පිරිසකට බරපතල තුවාල සිදු විමට හේතුව වි ඇති බවද මෝටර් රථ පරික්ෂකවරයා පොලිසිය වෙත පවසා සිටියා.

එකිනෙක ගැටිම නිසා මගින්ට සිදු වු තුවාල බරපතල විමට හේතුව වි ඇති බවද මොටර් රථ පරික්ෂකවරයා පැවසුවා.

මගි ප්‍රවාහන වාහනවල අමතර උපාංග කිසිවක් සවි කිරිමට ඉඩ ලබානොදෙන ලෙසත්, එසේ සවි කර ඇති උපාංග ගලවා ඉවත් කිරිමට කටයුතු කරන ලෙසත් ප්‍රධාන මොටර් රථ පරික්ෂකවරයා රථ වාහන පොලිසියේ නිලධාරින්ට පවසා තිබෙනවා.

ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබු බස් රථයක් ධාවනයට එක් කිරිම සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවයි හැටන් පොලිසිය පවසන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *