BREAKING NEWS
Search

තරුණයෙකුට දිවි අහිමි කළ මාරක අනතුරක් ගැන ඇසෙන සංවේදී කතාව

1009
මේ කියන්න යන්නේ තවත් මාරක අනතුරක් ගැන ඇසෙන සංවේදී කතාවක්.. ඒ කතාව ඇසෙන්නේ, කැබිතිගොල්ලෑව ඉහළ උස්ගොල්ලෑව ප්‍රදේශයෙන්..
උස්ගොල්ලෑව ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරකින් කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ ගණකාධිකාරිවරයා මියගොස් ඇති බව කැබිතිගොල්ලෑව පොලිසිය පවසනවා…

මෙලෙස මියගොස් ඇත්තේ සිනමාහල අසල, ගල්නෑව ලිපිනයේ පදිංචි 35 හැවිරිදි හේනේගෙදර සුරාජ් රොෂාන් උපතිස්ස නමැති අවිවාහක තරුණයෙක්..

පෙරේදා සවස 04.55ට පමණ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරිවරයකු ලෙස සේවය කරන සුරාජ්, පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුත්තක් අවසන් කර නැවත කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත තම යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තා වෙන්නේ..

පැවැති මඳ වර්ෂාවත් සමග ඉහළඋස්ගොල්ලෑව ප්‍රදේශයේදී කැබිතිගොල්ලෑව දෙසටම ධාවනය කරමින් තිබූ කැබි රථය මෙම යතුරුපැදිකරු විසින් ඉස්සර කිරීමට යෑමේදී කැබ් රථයේ පිටුපස දකුණු පස කොටසේ යතුරුපැදිය ගැටීම හේතුවෙන් යතුරු පැදිකරු මාර්ගයේ ඇදවැටී තිබුණා… එම අවස්ථාවේ කැබිතිගොල්ලෑව දෙස සිට පදවිය දෙසට ධාවනය කරමින් තිබූ ඩිමෝ බට්ටා වර්ගයේ ලොරි රථයට යතුරුපැදිකරු හා යතුරුපැදිය යටවීම හේතුවෙන් යතුරුපැදිකරු වන සුරාජ් බරපතළ තත්ත්වයෙන් තුවාල ලබා තිබුණා… අනතුරුව ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතුව කැබිතිගොල්ලෑව රෝහල වෙත රැගෙන ගියද ඒ වන විටත් තුවාලකරු මියගොස් සිට ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු කියා ඇත්තේ..

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියැදුරු සහ කුඩා ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ සම්බන්ධව කැබිතිගොල්ලෑව රථවාහන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනවා..

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *