ඒ බව දික්ඔය මුලික රෝහලේ සහකාර අධ්‍යක්ෂක වෛද්‍ය අරුල් කුමරන් පැවසුවා..
අනතුරෙන් තුවාල ලැබු 53 දෙනෙකු එදින දික්ඔය මුලික රෝහලට ඇතුලත් කල බවත්, ඉන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත් වු බවත්, මුල් අවස්තාවේ තුවාලකරුවන්ගෙන් බරපතල තත්ත්වයේ සිටි කුඩා දරුවෙකු ඇතුළු හත්දෙනෙකු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා, දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තවත් තුවාලකරුවන් අට දෙනෙකු ඊයේ මහනුවර ශික්ෂණ රෝහලට සහ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යැවු බවද සහකාර අධ්‍යක්ෂකවරයා පැවසුවා..
අනතුරෙන් තුවාල ලැබු බස් රථයේ රියදුරා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, බස් රථයේ කොන්දොස්තරවරයා ඇතුළු තවත් තුවාලකරුවන් 25 දෙනෙකු ආසන්න පිරිසක් තවදුරටත් දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, සෙසු තුවාලකරුවන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි අරුල් කුමරන් වැඩිදුරටත් කියා සිටියා…






















