BREAKING NEWS
Search

එපා කියද්දී රේල් පාර මැද්දට වෙලා හිටියා. සෙල්ෆියක් ගන්න ගිහින් යකඩ යකාට බිළිවූ මව සහ දියණිය ගැන ඇසෙන වෙනස් කතාව

947

අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය මවක් සහ දියණියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අවාසනාවන්ත සිදුවීමක් ඊයේ වාර්තා වුණා.

අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තයිකොණ්ඩු තරගාවලියක් සඳහා සහභාගී වීමට රත්නපුරයේ සිට පැමිණි මවක් සහ දියණියක් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා තිබුනා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 18ක් වයස ඇති දැරියක් හා අවුරුදු 38ක පමණ ඇති වයසක මවක් බව පොලීසිය පවසනවා.

ඔවුන් දෙදෙනා සෙල්ෆි ඡායාරූපයක් ලබාගමින් සිටියදී කංකසංතුරේ සිට කොළඹ දක්වා ධාවන වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තිබේ.

මෙම එම සෙල්ෆි ඡායාරූපය ගැනීමේදී ඔවුන් සමග පැමිණි තවත් දරුවෙකුට සිට ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *