කාවින්ද්‍යා අධිකාරි කියන්නේ ප්‍රවීන ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය.. අපි ඒ විදිහට දැන අඳුනනවා වුණත්, “කවී” මේ වෙනකොට ඇගේම අනන්‍යතාවයකින් ප්‍රේක්ෂකයින් අතරට ඇවිත් ඉන්නවා.
විශේෂයෙන් ඇය රඟ පෑ “ඝරසර්ප” චිත්‍රපටය බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට ලක්වුණා. ඒ වගේම ඇය මේ වෙනකොට ගීත කිහිපයකුත් ගායනා කරලා තියෙනවා.
කොහොම වුණත්, සමාජ මාධ්‍ය තුළත් දැඩි කතාබහට ලක්වන ඇය විවිධ විලාසිතාවලට, අත්හදා බැලීම්වලට ප්‍රිය කරන කෙනෙක්. විශේෂයෙන්ම “ටැටූ”වලට ප්‍රිය කරන ඇය, “මගේ ඇඟේ මේ වෙනකොට ටැටූ 20ක් තියෙන” බව කියනවා.
“සමහරු කියනවා මගේ ඇඟේ ටැටූ ගහන්න තැනක් නැතුව ඇති කියලා.. අද දවසේ උපරිමයෙන් විඳින්නයි මම ආස..” ඇය කියන්නෙ සැහැල්ලුවෙන්..
“හැම මොහොතෙම සතුට විතරක් ප්‍රර්ථනා කරන මට කවදාවත් වරිදින්න දෙන්නේ නෑ, ඒ්ක මම මටම කරන ප්‍රාර්ථනාවක්. ඒ ප්‍රාර්ථනාවට ජීවිතේ වෙනස් වෙන හැටි හිතාගන්න වත් බැහැ.. සතුට තිහෙන තැන රැඳෙන්න බය වෙන්න වුවමනා නැහැ කවුරු කොහොම කිව්වත්.. කවුරු මොනා කරත් !!”
(උපුටාගැනීමකි.)





















