එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් ලෝටන් ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
රිදීගම තම ඥාති නිවසකට ගොස් නැවත තම නිවස කරා යමින් සිටියදී මෙම පිරිස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ අනතුර හේතුවෙන් මෝටර් රථයේ රියදුරු එතැනදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මදුරාගොඩ පොලිසිය පවසන්නේ රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදුව ඇති බවට සැක පළ කරන බවයි.
කෙසේ වෙතත් තුවාලකරුවන් මාතලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වෙනත් පුවත්
ආසියානු යොවුන් කාන්තා ශූරතාව ඉන්දියාව
ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමුවරට සංවිධානය කරනු ලැබූ වයස 19න් පහළ ආසියානු කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (22) සමත් විය.
ඒ අවසන් මහා තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 41කින් පරාජයට පත්කරමින්.
මැලේසියාවේ පැවැත් වූ මෙම තරගාවලියේ අවසන් මහා තරගය ක්වාලාලාම්පූර්හි Bayuemas Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
එහි පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 117ක් රැස්කිරීමට සමත් විය.
කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 18.3කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 76ක් පමණි.
ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය හා සත්කාරක මැලේසියාව යන කණ්ඩායම් සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පැවැත්විණි.
කෙසේ නමුත් මෙහිදී ශ්‍රී ලංකාවට සුපිරි 4 වටයෙන් ඉහළට යාමට නොහැකි විය.




















