BREAKING NEWS
Search

විදෙස් රටක සිට ගහපු ගේමක් ලීක් වෙයි.බඩුත් එක්ක හොරු අල්ලපු හැටි මෙන්න

395

විදේශීය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවනු ලබන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයකට සම්බන්ධ පුද්ගලයෙකු රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මිලියන 25ක් බව පොලිසිය පවසයි.

ගල්කිස්ස අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ “අයිස් කිලෝග්‍රෑමයක්” හෙරොයින් ග්‍රෑම් 106ක් සහ රු. 197,000 ක මුදලක් මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් බවට සැක කෙරේ.

මත්ද්‍රව්‍ය මැනීමට භාවිත කරන විද්‍යුත් තරාදියක්, මෙහෙයුම සඳහා භාවිත කළ ඉහළ වටිනාකමකින් යුත් ජංගම දුරකථන දෙකක් සහ එම ද්‍රව්‍ය සඟවා තැබීමට භාවිත කළ අත්බෑගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ගල්කිස්ස, හේන පාර ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි සැකකරු ගල්කිස්ස, පිළියන්දල, මොරටුව, බොරලැස්ගමුව, පානදුර, දෙහිවල ඇතුළු ප්‍රදේශවලට දීර්ඝ කාලයක් මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. “ID” ලෙස හඳුනාගත් විදේශීය ජාවාරම්කරුවෙකුගේ දුරකථන උපදෙස් මත මෙම මෙහෙයුම කළමනාකරණය කර ඇති බව වාර්තා වේ.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයන් පිළිබඳව හෙළිදරව් වීමත් සමඟ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් සෙනසුරාදා (21) නිකුත් කළ රැඳවුම් නියෝගයක් යටතේ සැකකරු මේ වන විට ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන සිටින බව පොලිසිය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *