ජනාධිපති අනුර දිසානායකගේ මව රෝගී තත්ත්වයක් මත රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.
තම මෑණියන්ගේ සුව දුක් බැලීම සඳහා ජනාධිපතිවරයා අනුරාධපුර රෝහලට ගොස් තිබෙන පින්තූරයක් සමාජ ජාල වල මේවන විට හුවමාරු වෙමින් පවතී.
පසුගිය දිනක ද ඇය රෝගී වීම මත අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කොහොම වුණත් දහසකුත් වැඩ රාජකාරි මැද , මව් සෙනහස පිරි ඒ සුන්දර අම්මාව බලන්න ගියපු ජනපති පුතුව දුටු ඒ මැණියන්ගේ හදවතේ සතුට ඇගේ උවනින් පේනවා… තමන්ගේ ආදරණීය පුතාගේ අතින් අල්ලගෙන ඈ හරිම සෙනහසකින් ඒ වෙලාව ගෙවපු හැටි තමයි ඒ පින්තූරයේ තියෙන්නේ… අපි ඇයට ඉක්මන් සුවය පතමු…




















