BREAKING NEWS
Search

උත්සව සමයේ සුභ ආරංචියක්. බිත්තර මිල අදහාගත නොහැකි ලෙස පහතට

558

ඇතැම් ප්‍රදේශවල බිත්තර මිල ශීඝ්‍ර ලෙස පහළ යමින් ඇති බව බිත්තර වෙළෙඳුන් පවසයි.

ජාඇල, කඳාන, රාගම ඇතුළු ප්‍රදේශවල මෙසේ බිත්තර මිල පහළ ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ. ඒ අනුව, මීට පෙර රුපියල් 40ත් 45ත් අතර මිලකට අලෙවි වූ බිත්තරය, මේ වනවිට රුපියල් 25ත් 30ත් අතර මිලකට අලෙවි කරන බව වෙළෙඳුන් සඳහන් කරයි.

උත්සව සමයේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා තොග වෙළෙදුන් විසින් බිත්තර, කුකුල් මස් රැස් කළද ඊට නිසි ඉල්ලුමක් නොමැති වීම නිසා ඉදිරි දින කිහිපය තුළ යම් යම් භාණ්ඩවල මිල තවදුරටත් අඩුවිය හැකි බවයි ඇතැම් වෙළෙඳ සංගම් පැවසුවේ.

වෙනත් පුවත්

අධිවේගයේ අනතුරින් අයෙක් මරුට හතරක් රෝහලට

දක්ෂිණ අධිවේගි මාර්ගයේ පෝද්දල පොලිස් බලප්‍රදේශයේ අංක 87කණුව ආසන්නයේදි අද අලුයම වැන් රථයේ ලොරි රථයක හැපිමෙන්  වැන් රථයේ සිටි එක් අයකු මියගොස් තවත් හතර දෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ ගාල්ල කොටුව පදිංචි පුද්ගලයෙකි.

පොලිසිය පැවසුවේ වැන් රථය ලොරියට ඉස්සර කිරිමට යාමේදි වැන් රථයේ වම්පස ලොරියේ පිටුපස වැදි අනතුර සිදුව ඇති බවය. පොද්දල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *