BREAKING NEWS
Search

සිංහල අලුත් අවුරුද්දට කලින් කරන්න යන දෙයක් ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

758

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ පළාත් පාලන මැතිවරණය එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට නියමිත බවයි.

ඒ සඳහා වූ නාම යෝජනා නැවත කැඳවීමට අදාළ පනත මේ වනවිට සකස් කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ඊයේ (20) පස්වරුවේ මල්වතු හා අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ය.

“පළාත් පාලන මාතිවරණය 2023 මාර්තු මාසයේ පැවැත්වීමට නාමයෝජනා කැඳවුවා. නමුත් ඒ වෙලාවේ හිටපු පක්ෂත් අද නෑ. සමහර සන්ධාන කැඩිලා. ඒ නිසා ඒ නාමයෝජනා කැන්සල් කරලා අලුත් නාමයෝජනා කැඳවිය යුතු බව අපි හිතනවා. ඒ නිසා අපි පසුගිය දා කැබිනට් මණ්ඩලය තීරණයක් අරන් දැනට නාමයෝජනා කැන්සල් කිරීමට අදාළ පනත සකස් කරලා තියෙන්නේ. ඒක ජනවාරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ නැවත නාමයෝජනා කැඳවලා අපි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවුරුද්දට කලින් කටයුතු සුදානම් කරනවා.”

 

මේ අතර, පළාත් සභා මැතිවරණය ගැටලු ගණනාවක් හිර වී ඇති බවත් ඒ නිසාවෙන් එය ලබන වසර ඇතුළත පැවැත්වීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *