වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඒ අනුව සිල්ලර වෙළඳපොළේ කෙලවල්ලා රුපියල් 2500 කටත්, පරා රුපියල් 2200 ක්, තලපත් රුපියල් 2800 ක්, හැඩැල්ලා රුපියල් 1900 කටත්, හුරුල්ලා රුපියල් 1560කටත්, සාලයා රුපියල් 600 කටත්, ලින්නා රුපියල් 990 කටත්, අලගොඩුවා 1250 කටත්, ඉස්සා රුපියල් 2800 කටත් කිලෝව අලෙවි වන බවද ඔව්හු පවසති.
මේ අතර පෑළියගොඩ මතස්‍ය වෙළඳපොළේ මාලු තොග මිල ගණන්ද පසුගිය දිනවලට සාපේක්ෂව තරමක් ඉහළ අගයක් ගෙන ඇති අතර කෙලවල්ලා රුපියල් 1500 කටත්, තලපත් රුපියල් 1900 කටත්, බලයා 800 කටත්, පරා 1500 කටත්, හුරුල්ලා රුපියල් 1000 කටත්, සාලයා රුපියල් 450 කටත්, ලින්නා රුපියල් 850 කටත් කිලෝවක් අලෙවි වූ බවද ඔව්හු පවසති.
වෙනත් පුවත්
එළුවන් ව්‍යාපෘතියෙන් කෝටි 9ක් වතුරේ
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එළුවන් බෝ කිරීමේ ව්‍යාපෘතියකට පසුගිය වසරේදී රුපියල් නව කෝටියකට වැඩි වියදමක් දරා ඇතත් ඉන් උපයාගෙන ඇත්තේ ලක්ෂ විසි තුනක ආදායමක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මේ අනුව එම ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණ ඉටුවී නොතිබූ බවද එහි දැක්වේ.
එළුවන් 250 දෙනෙකු ක්ෂේත්‍ර ගත කිරීමේ අරමුණින් ඉඹුල්දණ්ඩ එලු අභිජනන මධ්‍යස්ථානයේ බෝයර් වර්ගයේ එළු අභිජනන ව්‍යාපෘතිය ආරම්භ කර තිබිණ.
ව්‍යාපෘතියේ සැලසුම් කළ අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කළ යුතු බව විගණන අංශ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.
මේ අතර කරදගොල්ල සත්ව පාලන විද්‍යාලයේ ඩිප්ලෝමා පාඨමාලා හැර ගිය සිසුන්ගේ ප්‍රතිශතය සියයට 27 ක් දක්වා ඉහළ අගයක් ගෙන තිබූ අතර පාඨමාලාව හැර යන සිසුන් වෙනුවෙන් දරන ලද වියදම අපතේ ගොස් තිබූ බව වාර්තාවේ සඳහන්වේ
මේ තොරතුරු සඳහන් වන්නේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය



















