BREAKING NEWS
Search

පඩි ඩබල් කරගත් කතාව ගැන සිපෙට්කෝ සභාපතිගෙන් නිවේදනයක්

205
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වත්මන් සභාපතිවරයා සහ අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් ජාතික පුවත්පතක පළ වූ පුවතක අඩංගු කරුණු සාවද්‍ය බවත් එම කරුණු සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණාගේ අත්සනින් යුත් ලිපියක් මාධ්‍ය වෙත නිකුත් කරමින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසන්නේ එම සාවද්‍ය පුවත සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කරන බවයි.

‘’තෙල් සංස්ථාවේ සභාපති පඩිය හා දීමනා දෙගුණයකින් වැඩි කරගෙන – තෙල් අධ්‍යක්ෂවරු මහජන මුදලින් කජු කති” යන මැයෙන් පසුගිය 18 වැනිදා මෙරට ජාතික පුවත්පතක මුල් පිටුවේ ප්‍රවෘත්තියක් පළ වී තිබුණා.

අනෙකුත් මාධ්‍යයද එම පුවත රට හමුවේ අනාවරණය කිරීමට කටයුතු කළා.

කෙසේ වෙතත් මෙම පුවත සාවද්‍ය බව පවසමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහි සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණාගේ අත්සනින් යුත් ලිපියක් මාධ්‍යය වෙත නිකුත් කර තිබෙනවා.

එම ලිපියට අනුව එම ප්‍රවෘත්තිය හරහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ සභාපතිවරයාගේ කීර්තිනාමයට බරපතළ හානියක් සිදුව ඇති බවට සඳහන්.

ඊට අදාළ සියලු පාර්ශ්වයන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් එම ප්‍රවෘත්තියේ පළ වූ ඇතැම් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මාධ්‍ය වෙත නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සදහන් වන්නේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිකුත්කර තිබූ මෙම නිවේදනය මාධ්‍යයේ පළ කරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මාධ්‍ය ආයතන වෙත දැනුම්දීමක්ද කර තිබෙනවා.





Leave a Reply

Your email address will not be published. Required fields are marked *