දියලගොඩ පවුලෙන් ලස්සන කෙල්ලො දෙන්නෙක් පුංචි තිරයට ආවේ මීට අවුරුදු ගානකට කලින්. පළමුවෙන්ම ආවේ අක්කා. එයා වත්සලා දියලගොඩ. දෙවැනියාට ආව නගා බුවිනි චාපා දියලගොඩ. ‘එකේ මීට කලින් අපි වත්සලා ගැන වංහුං ටිකක් ලිව්වා. මේ ලියන්න හදන්නේ බුවිනි ගැනයි. බුවිනිත් අක්කා වගේම ටෙලි තිරයෙ හරි ඉක්මනට ෆේමස් වුණා. මැරි කළාට පස්සේ රංගනයට තිත තියනකොටත් බුවිනි හිටියේ අසීමිත ජනප්‍රියත්වයකයි.
ඒ තරම් ජනප්‍රියත්වයක හිටපු බුවිනි මැරි කළාට පස්සේ රංගනයෙන් ඒ විදියට සමුගත්තේ හස්බන්ඩ්ගේ ඉල්ලීමකටද?
නැහැ. බුවිනිට ඕනෑ වුණා හුරුබුහුටි දරු පැටියෙකුගේ අම්මා වෙන්න. ඒ කිරි සිහිනය හැබෑකර ගන්නයි එයාට හුඟක් ආදරේ කරන රසික පිරිසගෙන් ඈත්වෙලා යන්න ගියේ. ඒ වගේම ඈ හරිම ලකී. එක දරුවෙක් වෙනුවට දෙවියෝ ඇයට පැටව් දෙන්නෙක්ම දුන්නා.
‘අම්මා කෙනෙක් වෙන එක ලේසි නෑ. ඒ වගේම ඒක හරිම ආදරණීය සොඳුරු මෙහෙවරක්.
බුවිනි හැම මොහොතකම කියපු කතාවක් ඒක.
‘අම්මා කෙනෙක් හැටියටත්, වයිෆ් කෙනෙක් හැටියටත් මම ගෙවන ජීවිතේ හරි වාසනාවන්තයි. ඇත්තටම මම මං ගැන හදවතින්ම සතුටු වෙනවා….’
යූටියුබ් චැනලයක කතාබහකට ඇවිදින් බුවිනි එකෙන්ම කිව්වා. තමන්ගේ හැඩරුව ගැන ඈ නිතරම සැලකිලිමත්. බබාලා ලැබුණට පස්සෙ වුණත්, ස්ලිම් එකට හිටියටත් වැඩිය ලස්සනට ඇය තවමත් ඉන්නේ ඒකයි.
බුවිනි ගැන වංහුං හොයනකොට තවත් කාරණයක් ආරංචි වුණා. ඔන්න එයාට ආයෙමත් පුංචි තිරයෙ රඟපාන්න ආරාධනා ඇවිදින්ලු. ඊට කලින් ආව ආරාධනා කිහිප වතාවක්ම සුහදව රිජෙක්ට් කළත් මේ වතාවෙ නම් ඇයට බේරෙන්නම බැරිවුණා කියලයි ආරංචිය. මේ සටහන ලියනකොටත් එයාගේ අලුත්ම ටෙලියෙ රූගත කිරීම් ආරම්භ කරලයි තියෙන්නේ.
ලස්සන බුවිනිට ඔන්න අපෙනුත් සුබ පැතුම්.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු



















