වැල්ලවාය තණමල්විල මාර්ගයේ හඳපානාගල ඇඟලු කම්හලකට හැරෙන හංදිය අසල දී උදෑසන 10.45ට පමණ වැල්ලවාය සිට තණමල්විල දෙසට ධාවනය වෙමින් තිබූ යුද හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් එම දිශාවට ම යමින් තිබූ මෝපේඩ් වර්ගයේ යතුරුපැදියක ගැටීමෙන් තුවාල ලබා රෝහල් ගතව සිටි යතුරුපැදිකරු මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඇතිලිවැව තෙළුල්ල දොඩම්කොළණිය පදිංචි වීරසිංහ මුදියාන්සේලාගේ සිරිපාල (64) නමැති සිවුදරු පියෙකි.
ශ්‍රීලංකා යුද හමුදාවට අයත් යුහ (8770) දරන ඩිෆෙන්ඩර් රථෙය් රියැදුරු වන තිස්තුන් හැවිරිදි නයිගල හංදිය මීතලාව ගම්පොළ නවකුරුඳුවත්ත පදිංචි ගනේමුල්ල යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවයකරන යුද හමුදා සෙබළ ලාන්ස් කෝප්‍රල් ී/556871 දරන රියැදුරුගේ අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් රියධාවනය මෙම අනතුරට හේතුවී ඇති බව පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අනතුරෙන් තුවාල ලැබූ යතුරු පැදිකරු හඳපානාගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර පසුව වැල්ලවාය මූලික රෝහලට මාරුකර වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් තිබේ.
රියැදුරු සහ ඩිෆෙන්ඩර් රථය පොලිසිය මගින් අත්අඩංගුවටගෙන ඇති අතර වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී.එම් කරුණාතිලක මහතාගේ උපදෙස් පිට වැල්ලවාය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යූ.ජී චන්ද්‍රකුමාර මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

















