මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල් දරුවන් සඳහා ලබාදෙන උදෑසන ආහාර වේල 2025 වර්ෂයේ සිට දරුවන් 155,000ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවි තිබේ.
ඒ අනුව රජය තීරණය කර ඇත්තේ,මේ වනවිට එක් දරුවෙකුට දිනකට ලබාදෙන රුපියල් 60ක මුදල රුපියල් 100 දක්වා වැඩි කිරීමටයි.
අද (19) පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදි මේ පිළිබඳ කරුණු පැහැදිලි කෙරුණි.
වෙනත් පුවත්
ඇතුලට ගිහිනුත් පැටිකිරිය නරක් වෙන වැඩක් කරලා
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද ( 19 ) දහවල් ඇතිවු ගැටුමකදී උල් ආයුධයකින් ඇනීමෙන් රැඳවියන් දෙදෙනෙකුට තුවාල සිදුවී ඇතැයි බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි.
මෙහිදී තුවාල ලබා ඇත්තේ පසුගියදා මීටියාගොඩ ප්‍රදේශයේ නිවසකදී පියෙකුට සහ දියණියකට වෙඩි තබා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙකි.
එක් අයෙකුගේ කකුලට සහ අනිත් සැකකරුගේ බෙල්ල ප්‍රදේශයට තුවාල සිදුවී ඇති බව විමර්ශනවලදී අනාවරණයවී ඇත.
තුවාලකරුවන් බූස්ස බන්ධනාගාර රෝහලට ඇතුලුකර තිබේ.



















