BREAKING NEWS
Search

දෙවැනි දවසේ ලේලිව දැක්ක නැන්දම්මාට තරු පෙනිලා

15057
නිවසට කැඳවාගෙන ආ මනාලියව විවාහයෙන් පසු මවුපියන් දැක පුදුමයට පත්වීමේ අපූරු සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණේ මහරගම ප්‍රදේශයෙනි.
එතරම් වත් පොහොසත් කමක් නැති වුවත් හොඳින් ඉගෙනගත් මෙම පුතා පෞද්ගලික ආයතනයක සේවයට පැමිණ උපකාරක පන්ති වලින් තරමක් ධනවතෙකු වූ අතර ඔහු විසින් දැන හඳුනාගත් තරුණියක් සමඟ මවුපියන්ට හොරෙන් විවාහවීමට කටයුතු කළේ ඇය එතරම් රූමත් නොවීම නිසාවෙනි.

එහෙත් ඔහුගේ යහළුවන් මගින් තම පුතා විවාහ වන දිනය දැනගත් මවුපියන් තනිව ජීවත්වූ පුතා බැලීමට ගියේ දොස් පවරමිනි.

මංගල දිනයේ මනාලිය මනා හැඩැති රන්වන් පැහැයෙන් යුත් තැතැන්තියක් වූයේ මනාලයාගේ මවට මහා සතුටක් ගෙන දෙමිනි.

මංගල උත්සවයෙන් පසු ඇය පුතාට කීවේ තැන් තැන්වල නොගොස් දෙවැනි ගමන සිය නිවෙසට එන ලෙසටයි. පුතා එසේම කළේය.
නමුත් එදින තම ලේලිය දුටු මවට ඇය හඳුනාගත නොහැකි වූයේ ඇයගේ වියපත් කළු පැහැති මුහුණ නිසාවෙනි.

ඇය රහසේ පුතුගෙන් ඇසුවේ මේ එදා මංගල දිනයේ සිටි මනාලියද කියාය.

කාමරයේ සිටි තම මනාලියට මේ බව ඔහු පැවසුවේ එදා කර තිබූ මේකප් එක නැති නිසා මව රැවටී ඇති බවයි.

එවිට බිරිය ඔහුට කීවේ අපූරු කතාවකි.

“මේකප් එක නෙවෙයි අනේ, දැන් අම්මලගෙ ඇස් පේනවා අඩු ඇති. අනික අපි පසුගිය දවස් දෙකේ හරියට නිදි මැරුවානේ” කියාය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *