අධිවේගී මාර්ගවල රිය ධාවනයේදී කිසිවිටකත් මාර්ග නීති උල්ලංඝනය නොකරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සදහන් කළේ, වසරේ ගතවූ කාලය තුළදී අධිවේගී මාර්ග ආශ්‍රිතව සිදුවූ රිය අනතුරුවලින් ජීවිත හානී 16 ක් වාර්තා වී ඇති බවයි.
ඒ නිසා ශ්‍රී ලංකා පොලීසිය විදිහට අපි ඔබගෙන් ඉල්ලා සිටින්නේ අධිවේගි මාර්ගයේ රිය ධාවනය කරන කොට මාර්ග නීතිඋල්ලංඝනය කරමින් රිය ධාවනය කරන්න එපා. මොකද අධිවේගී මාර්ගයේදී ඔබ ගමන්ගන්නා වේගය සාමාන්‍ය මාර්ගයේ ගමන්ගන්නා වේගයට වඩා ඉහළයි. එම නිසා ඒ අවස්ථාවේදී අනතුරක් සිදුවුණත් බොහෝවිට ඔබගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා රිය ධාවනය කරනකොට තෙහෙට්ටුවෙන් නම් කිසිම වෙලාවක රිය ධාවනය කරන්න එපා.”

















