මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම රෝහලේ හෙද සහයකවරයෙකු වශයෙන් කටයුතු කරන සැරයන්වරයෙක් බවයි අම්පාර පොලිසිය පවසන්නේ.
රෝහලේ, බහු කාර්ය නිලධාරිණියක ලෙස කටයුතු කළ සේවිකාව පසුගිය සැප්තැම්බර් මස 18 වැනිදා දන්ත ශල්‍යාගාර ගොඩනැගිල්ල පිරිසුදු කිරීමේ නිරතව තිබෙනවා.
සැකකාර සැරයන්වරයා එම ස්ථානයට පැමිණ ඇයට ලිංගික අතවර කළ බවයි සේවිකාව පැමිණිලි කර ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාස තුනකට ආසන්න කාලයක් විමර්ශනය සිදුකර ඊයේ (17) එම සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු ඊයේ (17) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 200,000ක බැගින් වූ ශරීර ඇප මත දෙකක් මත මුදා හැර තිබෙනවා.
අම්පාර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


















