BREAKING NEWS
Search

අඩු මිලට මත්පැන් බෝතලයක් වෙළඳපොළට

4640

නීති විරෝධී මත්පැන් විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති බවත් සුරාබදු ආදායමෙන් 30%ක් පමණ අහිමිව ඇත්තේ මෙම නීති විරෝධී මත්පැන් නිසා බවත් සුරාබදු කොමසාරිස්වරයා පවසනවා.

මෙම මත්පැන් නැති කිරීම වැටලීම්වලින් පමණක් සිදු කළ නොහැකි අතර ඒ සඳහා යොමු වී සිටින මහජනතාවට විකල්ප යෝජනාවලියක් ගෙන ආ යුතු බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර විකල්පයක් ලෙස අඩු මුදලකට මිලදී ගත හැකි මත්පැන් බෝතලයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ඔහු සඳහන් කළේ එය ප්‍රමිතියෙන් යුතුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කිරීමෙන් පසුව එහි අනුමැතිය ඔස්සේ වෙළදපොළොට නිකුත් කරන බවයි.

මෙය සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි කර ගැනීම හෝ මත්පැන් ප්‍රවර්ධනය කිරීමක් නොවන බවද නීති විරෝධී මත්පැන්වලින් සමාජයේ ජීවත්වෙන අය ගලවා ගැනීමට සිදු කරන වැඩපිලිවෙලක් බවද කොමසාරිස්වරයා පැවසුවා.

 

වෙනත් පුවත්

රඳවා තබා ගැනීමේ බද්ද සියයට 10 දක්වා ඉහළට

රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකළ පැහැදිලි කිරීම පහතින් දැක්වෙයි,

“රඳවා තබාගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීමට අපි එකඟතාවයකට ආවා.”

“සාමාන්‍යයෙන් වැඩිහිටි අය, විශ්‍රාමිකයන් යම් මුදල් ප්‍රමාණයක් බැංකුවල තැන්පත් කරලා ඒ ලැබෙන පොලියෙන් ජීවත් වෙනවා.”

“සාමාන්‍යයෙන් මාසයකට රු 150,000ක් පොලියට වැටුණොත් තමයි එයා බද්දට යටත් වෙන්නේ.  නමුත් රඳවා තබාගැනීමේ බද්ද හරහා සිදුවිය හැකි දේ තමයි රු 150,000කට යටින් ගත්තත් රඳවා ගැනීමේ බද්දක් ලෙස පැනවීමේ හැකියාව තිබීම.”

“ඒ නිසා අපි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නව අංශයක් විවෘත කරනවා..ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ බැංකු ගිණුමකින් මේ බද්දට ඇතුළත් නොවේ කියලා තමන් උපකල්පනය කරනවා නම් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගිහින් තමන්ගේ බදු තත්ත්වය ඉදිරිපත් කරලා ඒ බද්දට ඇතුළත්වීම වළක්වා ගැනීමට හැකියාව ලැබෙන පරිදි.”

“මෙහි අපේක්ෂාව තියෙන්නේ විශ්‍රාමිකයන් වැනි මාසික රු 150,000ට වඩා බදු සීමාව අඩු ආදායමක් ඇති සහ සියයට 10ට බදු අනුපාතයට වඩා අඩු ආදායම් බදු ගෙවන පුද්ගලයින්ට තමන්ගේ රඳවා තබාගැනීමේ බදු අය නොකරන ලෙස සහ අඩු රඳවා තබාගැනීමේ බදු අනුපාතයන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීම.”

“ඒ වගේම අපි තුන්වෙනි සමාලෝචනයේ එකඟතාවයකට ආවා අපගේ දරුවන්ගේ පෝෂණය වැඩිදියුණු කිරීම වෙනුවෙන් දේශීය නැවුම් කිරි සහ යෝගට් නිෂ්පාදන සඳහා අදාළ වන එකතු කළ අගය මත බද්ද ඉවත් කරන්න.”

“පසුගිය රජය එකඟවී තිබුණා සේවා අපනයනය සඳහා බද්ද 30%ක් කියලා. එය අපි 15% දක්වා අඩු කිරීමට එකඟතාවයකට ආවා.”

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *