BREAKING NEWS
Search

රෝහලේ 5වන මහලෙන් බිමට පැන ජීවිත අත් හැරි පුද්ගලයෙකු ගැන ඇසෙන සංවේදී කතාව

640
ජිවිතේ කිසිම දවසක මෙවන් දෙයක් සිදුවේවී කියලා ඔහුට ආදරේ කරපු කිසිම කෙනෙක් හිතන්න නැතුව ඇති… ඔහුගේ සමීපතම අයට මොන තරම් වේදනාවක් දැනෙනවා ඇතිද?
මේ අවාසනාවන්ත පුවත ඇසෙන්නේ මහරගම අපේක්ෂා රෝහලින්…

මහරගම අපේක්ෂා රෝහලේ රසාවි ගොඩනැගිල්ලේ පස්වන මහලෙන් බිමට පැන පුද්ගලයෙකු දිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, රුවන්වැල්ල ගල්පාත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අවිවාහකයෙක්.

ඔහු පසුගිය 14 වැනිදා ප්‍රතිකාර සඳහා මහරගම අපේක්ෂා රෝහලට පැමිණ ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඔහු එහි තෙවන මහලේ 23 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බව සඳහන්.

අනතුරුව මරණකරු එම ගොඩනැගිල්ලේ පස්වන මහලට ගොස් ඉන් බිමට පැන ඇති අතර එහිදී බිම් අතුරුම් ගල් මතට වැටි අනතුරට පත් පුද්ගලයා එම ස්ථානයේදී ද මියගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ අනුව මියගිය පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්කමකයි.

අවසානයේදී ජිවිතයේ සේරම බලාපොරොත්තු රෝහලේ පස්වන මහලේදී අත් හැරදා ගිය ඔහු සිදුකරගත් මෙවන් අවාසනාවන්ත සිදුවීම් කිසිස්ම විටක කාටවත්ම සිදුනොවිය යුතුයි… එවන් සිදුවීම් අතිශය දුක්බරයි….




Leave a Reply

Your email address will not be published. Required fields are marked *