BREAKING NEWS
Search

කොළඹ ජාතික රෝහල අසල කෑම කඩවලින් කන්න පෙර මේ ගැනත් සිතන්න

180

කොළඹ ජාතික රෝහලේ නේවාසික රෝගීන් බැලීමට පැමිණෙන පිරිස් වැඩි වශයෙන් ආහාර ලබාගන්නා හෝටල් කිහිපයක මිනිස් පරිභෝජනයට නුසුදුසු ලෙස ආහාර අලෙවි කරන බවට අද (17) උකුස්සාට අනාවරණ විය.

කොළඹ ජාතික රෝහලේ රෝගීන් බැලීමට එන බොහෝ පිරිසක් ආහාර ලබාගන්නේ පුංචි බොරැල්ල ප්‍රදේශයේ වෙළඳසැල් පෙළෙනි.

ඉන් ඇතැම් ‍වෙළෙඳසැල්වල මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහර අලෙවි කෙරෙන බවට තොරතුරු රැසක් ලැබී තිබුණි.

ඒ අනුව බොරැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අද එම ස්ථාන වටලනු ලැබීය.

ඒ අද දෙරණ උකුස්සා ද එක් කරගනිමිනි.

එහිදී එක් වෙළෙඳසැලක තිබී මිනිසුන්ට තබා සතෙකුටවත් නොදිය යුතු මට්ටමේ ආහාර ද්‍රව්‍ය එම ස්ථානයේදීම නිලධාරීන් විසින් විනාශ කළේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැටලූ දෙවැනි වෙළෙඳසැලත් පළමු වෙළෙඳසැලට දෙවැනි වූයේ නැත.

වැටලූ තවත් වෙළෙඳසැල කල් ඉකුත් වූ පාන් තොගයක් අලෙවිය සඳහා තබා තිබියදී සොයාගත්තේය.

මේ අතර කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ ඇති තාවකාලික ආහාර වෙළෙඳෙසැල්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පරික්ෂා කළේය.

එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු පලතුරු, පලතුරු බීම සැකසීම සඳහා භාවිත කිරීමට සූදානම් කර තිබියදී සොයාගනු ලැබීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *