BREAKING NEWS
Search

විදුලි ගාස්තු 30% කින් අඩු වෙයි ?

500

විදුලි ගාස්තු 30% කින් අඩු කිරීමේ හැකියාවක් පවතින බව විදුලිය භාවිතා කරන්නගේ සංගමය පවසනවා.

එහි ජාතික ලේකම් සංජීව ධම්මික කියා සිටියේ විදුලිබලාගාර ආශ්‍රිත ජලාශ පිරී තිබීම හේතුවෙන් මේ වන විට ජල විදුලි නිෂ්පාදනය ද ඉහළ අගයක පවතින බවයි.

මේ අතර පවතින තත්ත්වය යටතේ විදුලිය ගාස්තු සියයට 10ත් 20ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරිමේ හැකියාව පවතින බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා.

ඒ අනුව විදුලි ගාස්තු අඩු කළ නොහැකි බවට විදුලිබල මණ්ඩලය කළ යෝජනාවට ප්‍රතියෝජනාවක් ද එම කොමිසම ප්‍රකාශයට පත් කර තිබෙන අතර ඒ සඳහා ලිඛිත අදහස් ඉදිරිපත් කිරීමට මහජනතාවට අද සිට අවස්ථාව ලබාදී තිබෙනවා.

එමෙන්ම විදුලි ගාස්තු පිලිබද අවසන් තීරණය ලබන මස 17 වනදා ප්‍රකාශයට පත් කරන බවයි එම කොමිසම සදහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *