විශ්වවිද්‍යාලයේ ඇති වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මාස දෙකක් පමණ කල් ඉකුත් වි ඇති එන්නත් අද (17) දා දහවල් ලබා දිම හේතුවෙන් මෙම රෝග තත්ත්වය ඇති වි තිබෙන බවයි වාර්තා වෙන්නේ..
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කිෂ්ණක නෙරන්ජින් පැවසූවේ මෙවැනි අදහසක්..
”සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිඨයට අදාලව දෙවැනි වසර සහෝදරියන් හය දෙනෙකුට සහ එක් සහෝදරයෙකුට පිට ගැස්මට සදහා ලබා දෙන මාස දෙකක් කල් ඉකුත් වු බෙහෙත් ප්‍රමානයක් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් අද ලබා දිලා ඔවුන්ට හදිසි අසනිප තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ හේතුවෙන් ඔවුන් බෙලිහුල්ඔය රෝහලට සහ බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ ගැටලුකාරි තත්ත්වය තිබෙනවා .මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබෙන ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් මිිට පෙර ආචාර්යවරයෙකු සහ සිසුන් දෙදෙනකු ජිවිතක්ෂයට පත් වුනා..”
බෙලිහුල්ඔය ප්‍රදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන සිසු සිසුවියන් බැලිම සදහා සබරගමු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය සුනිල් ශාන්ත පැමිණ ඇති අතර මේ සම්බන්ධයෙන් කළ විමසිමකදිි පැවැසුවේ ඇති වි තිබෙන සිද්ධිය සමිබන්ධයෙන් විශ්වවිද්‍යාලය තුළින් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි..


















